Basic information

Sinhala

“TWC2” යනු කුමක්ද ?

“ට්‍රාන්සියන්ට් වර්කර්ස් කවුන්ට් ටූ” යනු සිංගප්පූරුවේ තිබෙන රාජ්‍ය නොවන පුණ්‍යායතනයකි. සිංගප්පූරුවේ රැකියා සම්බන්ධව දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින විදේශීය ශ්‍රමිකයන්ට අපි සහාය වෙමු. අපගේ සහාය සම්බන්ධයෙන් අපි කිිසිදු මුදලක් අය නොකරමු.

ඔබගේ ගැටළුව සඳහා හොඳම විසඳුම ලබා ගැනීමට අපි මිනිස් බල අමාත්‍යාංශය (MOM) සමග සමීපව කටයුතු කරන්නෙමු. සෑම සිද්ධියක්ම සාර්ථකව විසඳාගත නොහැකි නමුත්, අපගේ උපකාරයෙන් හැකි සියළුම විසඳුම් සොයා බලනු ඇත.

උදව් කරන්නේ කාටද ?

TWC2 ආයතනය සිංගප්පූරුවේ සේවය කරන සියළුම විදේශිකයින්ට උපකාර සපයයි. වැඩ බලපත්‍ර සහ එස්-පාස් ඇති අයද මෙයට ඇතුළත්ය.

නීතිය දැන ගැනීම අවශ්‍යයි.

විදේශීය ශ්‍රමිකයෝ සාමාන්‍යයෙන් නීතිය නොදනිති. නමුත් TWC2 ආයතනය එය දන්නා අතර අපි 2004 වර්ෂයේ සිට සේවකයින්ට උදව් කරමින් සිටිමු. ඔබේ අයිතිවාසිකම් මොනවාද ? ඔබට ඇති විකල්පයන් මොනවාද ? සහ ඔබගේ ගැටළුව සඳහා වන ක්‍රියාවලිය කුමක්දැයි යන්න පිළිබදව උපදෙස් දීමට අපට හැකියාව ඇත.

නීතිඥයින් අවශ්‍ය නැත.

නීතිය දැන ගැනීම වැදගත් වුවත්, රැකියා ගැටළු සඳහා නීතිඥවරයකු සම්බන්ධ කර ගැනීමට ඔබට අවශ්‍ය වන්නේ නැත. සාමාන්‍යයෙන් රැකියා ගැටළු උසාවිය හරහා විසඳන්නේ නැති නමුත්, මිනිස් බල අමාත්‍යාංශය (MOM) හරහා විසඳීමට කටයුතු කරනු ඇත. නීතිඥයකු අවශ්‍ය නොවන්නේ එබැවිනි. ඒ වෙනුවට, TWC2 මගින් ඔබේ අයිතිවාසිකම් සඳහා සටන් කිරීමට අවශ්‍ය සියළු තොරතුරු ලබාදෙන අතර, මිනිස් බල අමාත්‍යාංශය (MOM) සමග අදහස් හුවමාරු කර ගැනීමටද ඔබට හැකියාව ඇත. මේ සඳහා TWC2 ඔබට නොමිලයේ උපකාර කරනු ඇත.

අනෙක් අතට නීතිඥයින් ඔවුන්ගේ සේවාවන් සඳහා විශාල මුදලක් අයකරනු ලබයි.

අපි කොහොමද උදවු කරන්නේ

විදේශීය ශ්‍රමිකයන් වැඩිපුරම මුහුණ දෙන පොදු ගැටළු 03 නම්  –

  • වැටුප් නොගෙවීම.
  • කොන්ත්‍රාත් ගිවිසුම් සම්බන්ධ ආරවුල්.
  • තුවාල සිදුවීම්.

වැටුප් නොගෙවීම.

වැටුප් නොගෙවීමේදී සේවායෝජකයා ඔබට ගෙවිය යුතු නිවැරදි වැටුප පිළිබඳව සාක්ෂි ලබා ගන්නේ කෙසේදැයි TWC2 ඔබට උපදෙස් දෙනු ඇත. එවිට, ඔබේ සේවායෝජකයා ඔබට කොපමණ මුදලක් ගෙවීමට ඇත්දැයි ගණනය කිරීමට අපි ඔබට උදව් කරන්නෙමු. අතිකාල දීමනා, නිවාඩු සඳහා ගෙවීම් සහ වාර්ෂික නිවාඩු මීට ඇතුළත්ය. නීතියේ ඇති ක්‍රමවේද භාවිතයෙන් එය ඔබ නිවැරදිව ගණනය කළ යුතු අතර, TWC2 හට ඔබට සහාය විය හැකි වන්නේ මෙතනදීය. මිනිස් බල අමාත්‍යාංශය (MOM) ඔබ වෙනුවෙන් ගණනය සිදුකළත්, සමහර විට වැරදීමක් හෝ අතපසු වීමක් සිදුවුවහොත් TWC2 ඔබ වෙනුවෙන් එකී ගණනය කිරීම් පරික්ෂා කරයි.

එවිට ඔබ සහ ඔබේ සේවායෝජකයා අතර මිනිස්බල අමාත්‍යාංශයෙහි (MOM) රැස්වීම් පැවැත්වෙනු ඇත. ඔබේ නඩුව තර්ක කරන්නේ කෙසේද සහ සාක්ෂි ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න අපි ඔබට කියා දෙන්නෙමු.

සේවායේජකයා තවදුරටත් ඔබට හිමි මුදල් නොගෙවන්නේ නම්, මිනිස්බල අමාත්‍යාංශයේදී (MOM) එකී කාරණය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා අපි ඔබට උදව් කරන්නෙමු.

ඔබට නව රැකියාවක් ලබා ගැනීමටද අවශ්‍ය විය හැක. නව රැකියාවක් සෙවීම සඳහා මිනිස් බල අමාත්‍යාංශයෙන් (MOM) අවසර ලබා ගැනීමට TWC2 ඔබට උපකාරී වනු ඇත. එය කිරීමට පෙර ඔබ එම අවසරය ලබාගත යුතුය.

කොන්ත්‍රාත් ගිවිසුම් සම්බන්ධ ආරවුල්.

සිංගප්පූරුවේ බොහෝ ලිපි ලේඛන ලියා ඇත්තේ ඉංග්‍රීසි බසින්ය. ඔවුන් කියන දේ ඔබට තේරුම් ගැනීමට අපහසු විය හැක. උදාහරණයක් වශයෙන්, ඔබට රැකියා කොන්ත්‍රාත්තුවක් තිබිය හැකි නමුත්, එහි ඇති කරුණු හා විස්තර පිළිබඳව ඔබට විශ්වාසයක් නැති විය හැක. TWC2 එය හොඳින් කියවා ඔබට කරුණු පැහැදිලි කර දෙයි.

ලේඛනයේ සඳහන් විස්තරයක් පිළිබඳව ඔබට යම් ආරවුලක් තිබේ නම්, ඔබේ අයිතිවාසිකම් මොනවාදැයි ඔබට උපදෙස් දීමට අපට හැකියාව ඇති අතර, එය විසඳීමට ක්‍රමවේදයක්ද  යෝජනා කළ හැක.

උදාහරණයක් වශයෙන්, සමහර සේවකයන්ට ඉල්ලා අස්වී ගෙදර යාමට අවශ්‍ය නමුත් ගිවිසුම් කොන්ත්‍රාත්තුව එයට ඉඩ සලසයිද ? සතියේ දින 7 ම ඉතා දිගු වේලාවක් වැඩ කිරීමට සළස්වා ඇති බව සෙසු සේවකයන් දැන ගන්නා අතර, ආයතන ප්‍රධානියා එය ගිවිසුම් කොන්ත්‍රාත්තුවේ සඳහන්ව ඇති බව පවසයි. TWC2 වෙත එන්න. විසඳුමක් සෙවීමට අපි ඔබට උදව් කරන්නෙමු.

තුවාල සිදුවීම්.

තුවාලයකින් පීඩා විඳීම ඉතා බරපතල ගැටළුවකි. ඔබට වැඩ කිරීමට නොහැකි වීම පමණක් නොව සිංගප්පූරුවේ ඉතා මිල අධික වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමටද ඔබට සිදුවේ. ඔබේ සේවායෝජකයා ඔබට වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදෙන්නේ නම් ඔබට කුමක් කළ හැකිද ?  TWC2 මගින් නීතිය යටතේ ඔබේ අයිතිවාසිකම් පිළිබඳව උපදෙස් ලබාදෙන අතර, ඔබට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමටද එය උපකාරී වේ.

රැකියාව කරන ස්ථානයේදී ඔබට තුවාල සිදුවීමක් වුවහොත් ඔබ  සදාකාලික ආබාධිත තත්ත්වයකට පත්විය හැක. එහිදී ඔබ වන්දි ලබා ගැනිමට සුදුසුකම් ලබයි. ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද සහ ඒ සඳහා ඔබට ඇති විකල්පයන් මොනවාද යන්න පිළිබදව TWC2 ඔබට උපදෙස් ලබාදෙනු ඇත.

බොහෝ සේවකයෝ මේ සඳහා නීතිඥයින් සම්බන්ධ කර ගනිති. එය සම්පුර්ණයෙන්ම අනවශ්‍යය. තවද, නීතිඥවරයා ඔබගේ වන්දි මුදලින් කොටසක් ඔහුගේ සේවා ගාස්තුව වශයෙන් ලබා ගනියි. මෙයින් අදහස් කරන්නේ ඔබට අඩුවෙන් වන්දි මුදල ලැබෙනු ඇති බවයි.

අපව සොයා ගන්නේ කෙසේද ?

  1. සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 9.00  සිට රාත්‍රි 9.00 දක්වා ඔබට +65 6297 7564  හෝ 1800 800 1515 ඔස්සේ අප ඇමතිය හැක.
  2. ඔබට ඕනෑම වේලාවක +65 6297 7564 යන අංකයට වට්ස්ඇප් (WhatsApp) පර්‍ණවිඩයක් යැවිය හැකිය.
  3. අපගේ කාර්යාල දුරකථන අංකය +65 6247 7001 සඳුදා සිට සිකුරාදා දක්වා දින වල පෙ.ව. 9.00 සිට ප.ව. 6.00  දක්වා වේ.
  4. ඔබට සඳුදා සිට සිකුරාදා දක්වා දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා අපගේ කාර්යාලයට පැමිර්‍ණය හැක.

අපගේ ලිපිනය

Transient Workers Count Too
180B Bencoolen Street #09-01
The Bencoolen
Singapore 189648.

පහත දැක්වෙන සිතියම බලන්න. එයින් ලගම ඇති MRT දුම්රිය ස්ථාන හඳුනාගත හැක.

What is TWC2?

Transient Workers Count Too (TWC2) is a non-government charity organisation in Singapore. We assist foreign workers who are facing difficulties in relation to their employment in Singapore. We do not charge for our assistance.

We work closely with the Ministry of Manpower (MOM) to get the best possible solution for your case. Not all cases can be solved successfully, but with our help, all possible solutions will be explored/tried.

Who we help

TWC2 provides assistance to all foreigners working in Singapore. This includes those on Work Permits and S-Passes.

Need to know the law

Foreign workers usually do not know the law. But TWC2 knows, and we have been helping workers since 2004. We can advise you what your rights are, what your options are, and what the process will be for your case.

No need for lawyers

Although it is important to know the law, you do not need to engage a lawyer for employment problems. Employment problems are not usually solved through the courts but solved through MOM. That is why no lawyer is needed. Instead, TWC2 will give you all the information you need to fight for your rights, and help you communicate with MOM. TWC2 will help you for free.

Lawyers, on the other hand, will charge you a lot of money for their services.

How we help

The three most common types of problems faced by foreign workers are:

  • Salary non-payment
  • Contract disputes
  • Injury

Salary non-payment

In cases of salary non-payment, TWC2 will advise you how to get evidence of the correct salary that the employer should have paid you. Then we will help you calculate exactly how much your employer owes you. This includes overtime pay, holiday pay and annual leave. You must calculate correctly using the formula in the law, and this is where TWC2 can assist you. Even if MOM calculates for you, sometimes a mistake is made, and TWC2 will check the calculation for you.

Then there will be meetings at MOM between you and your employer. We will teach you how to argue your case and how to present evidence.

If the employer still does not pay, we will help you take the matter further at MOM.

You may also want to get a new job. TWC2 will help you ask MOM for permission to look for a new job. You need to get that permission before you can do so.

However, TWC2 is not an employment agent (we do not have a licence), but we can help you get the permission from MOM.

Contract disputes

Many documents in Singapore are written in English. You may find it difficult to understand what they say. For example, you may have an employment contract and you are not sure about the details. TWC2 will read it carefully and explain it to you.

If you have some dispute about a detail in the document, we can advise you what your rights are, and suggest a way to solve it.

For example, some workers just want to resign and go home, but does the contract allow it? Other workers find that they are made to work very long hours, seven days a week, and the boss says it is in the contract. Come to TWC2 and we will help you find a solution.

Injury

Suffering an injury is a very serious problem. Not only will you not be able to work, you need medical treatment which is very expensive in Singapore. If your employer does not provide you with medical treatment, what can you do? TWC2 will advise you about your rights under the law, and help you get the medical treatment you need.

An injury that took place at work and that leaves you with a permanent disability will be eligible for compensation. TWC2 will advise you what the process is and what your options are.

Many workers engage lawyers for this. It is completely unnecessary. Furthermore, the lawyer will take part of the compensation as his fee. This means that you will get less.

How to find us

  1. You can call +65 6297 7564 or 1800 888 1515 on Mondays to Fridays from 9am to 9pm.
  2. You can send a WhatsApp message to +65 6297 7564 anytime.
  3. Our office phone number is +65 6247 7001 on Mondays to Fridays from 9am to 6pm.
  4. You can also come to our office on Mondays to Fridays from 9am to 5pm.

Our address is

Transient Workers Count Too
180B Bencoolen Street #09-01
The Bencoolen
Singapore 189648.

See the map below, which also shows the nearest MRT stations.